ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය පිළිබඳ ඉස්ලාමීය ස්ථාවරය

ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය (Female Genital Mutilation-FGM) ජාතික හා ජාත්‍යන්තර ඉස්ලාම් විරෝධීන්ගේ හා ඉස්ලාම් භීතිකා වාදීන්ගේ ඉතාමත්ම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් ව ඇති බව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් හි නිරතුරුව පළවන තොරතුරු විමසා බැලීමෙන් දැන ගත හැකි ව ඇත. ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය (FGM) පිළිබඳව ඔවුන් නගන හඬට විරුද්ධ වීමට …

Continue reading

වැන්දඹු කාන්තාව ‘ඉද්දා’ සිටීම ඇයට කරන හිංසාවක්ද?

ඉස්ලාම් දහම කාන්තාව සදහා පනවා ඇති නීතින් අතර “ඉද්දා” යන්න ද එකකි. “ඉද්දා” යනු අරාබි වචනයක් වන අතර එහි අර්ථය “රැදීසිටීමේ කාලය, ගණනය කිරීම, බලාහිදීම…” යනාදීය වේ. ඉස්ලාමයට අනුව තම ස්වාමියා අහිමි වූ කාන්තාව විසින් කිසියම් කාලසීමාවක් තවත් විවාහයක් සිදු නොකොට ශෝක කාලයක් ලෙස ගෙවාදැමීම “ඉද්දා” ලෙස හැදින් වේ. තවද …

Continue reading

අල්ලාහ් පිළිගන්නේ කුමන ධර්මයද?

අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය විවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර්ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්. අල්ලාහ් පිළිගන්නේ කුමන ධර්මයද? අල්ලාහ් හමුවේ ධර්මය යනු ඉස්ලාම් ය. [අල් කුර්ආනය 3 : 19] ඉස්ලාමය …

Continue reading

 “ෂරිආ” පිළිවෙත පිළිබඳ විමසුමක්.

ඉස්ලාමයට එරෙහිව විවිධ මාධ්‍යයන් මගින් මතු කොට ඇති විවේචන දෙස බලන විට එක් පොදුතාවක් ඉතා පැහැදිලිව ම දක්නට ඇත. එනම් විවේචන ඉදිරිපත් කරන්නන් විවේචනයට අදාළ විෂය පිළිබඳව පැහැදිලි හා ගැඹුරු දැනුමකින් තොරව තම සිතෙහි මතු වී ඇති ඉස්ලාම් පිළිකුල හා ඉස්ලාම් භීතිකාව පමණක් පදනම් කර ගෙන කෙන්ද කන්ද කර පෙන්වීමේ …

Continue reading

‘ඉස්ලාම් භීතිකාව’ (Islamophobia) හා මුස්ලිම් ප්‍රජාවගේ වගකීම

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉස්ලාම් භීතිකා ව්‍යාපෘතිය ඉතා පළල් පරාසයක් තුළ මහා පරිමාණ අයුරින් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉස්ලාම් දහම හා මුස්ලිම් ප්‍රජාව සම්බන්ධ සියල්ල පිළිබඳ බියක් හා පිළිකුලක් නිර්මාණය කොට එය සමාජ ගත කිරීම ඉස්ලාම් භීතිකාවේ ප්‍රධාන අරමුණයි. මුස්ලිම් ජනයාගේ ජීවනෝපාය, ඇඳුම් පැලඳුම්, ආහාරපාන, ආගමික වතාවත්, ආගමික ඉගැන්වීම්, මස්ජිදය, මද්රසා …

Continue reading

විදේශ තානාපතිවරුන් ඝාතනය කිරීම ඉස්ලාමය අනුමත කරනවාද?

මිනිස් ජීවිතයේ සියලුම අංශ සඳහා මඟ පෙන්වන ඉස්ලාම් දහම තුළ රාජ්‍ය පාලනය පිළිබඳවද ඉගැන්වීම් ඇතුලත් වී තිබේ. මේ අනුව ඉස්ලාමීය රටක් තම අසල්වැසි රටක් සමඟ ක්‍රියා කල යුත්තේ කෙසේද යන්නත් ඉස්ලාම් දහමේ සඳහන් වී ඇත. මෙම කරුණු අතුරින් අන් රටවල නියෝජිතයන්,තානාපතිවරුන්, පණිවුඩකරුවන් යනාදී පුද්ගලයින් සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද යැයි …

Continue reading

ඉස්ලාමීය දික්කසාද නීතිය කාන්තාවන්ට අසාධාරණ ලෙස කටයුතු කරනවාද? – ගැඹුරු විග්‍රහයක්

ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බවත් කාන්තාවන්ට අසාධාරණයක් සිදු කරන බවත් ඉස්ලාම් දහම විවේචනය කරන ඇතැම් නූතන විවේචකයන් පවසති. කෙසේනමුත් ඉස්ලාමය කාන්තාව සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න නිසි ආකාරව අබබෝධකර ගන්නවා නම් මෙවන් චෝදනාවලට කිසිඳු ඉඩක් නොමැති බව ඕනෑම කෙනෙකුට වටහා ගන්න පුළුවන්. මේ සඳහා මුලින්ම අල් කුර්ආනයේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමේ …

Continue reading

බලහත්කාරයෙන් සිදු වන විවාහ ඉස්ලාමය අනුමත කරනවාද?

ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බවත් කාන්තාවන්ට අසාධාරණයක් සිදු කරන බවත් ඉස්ලාම් දහම විවේචනය කරන ඇතැම් නූතන විවේචකයන් පවසනවා. කෙසේනමුත් ඉස්ලාමය කාන්තාව සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න නිසි ආකාරව අබබෝධකර ගන්නවා නම් මෙවන් චෝදනාවලට කිසිඳු ඉඩක් නොමැති බව ඕනෑම කෙනෙකුට වටහා ගැනීමට පුළුවන්. මේ සඳහා මුලින්ම අල් කුර්ආනයේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමේ …

Continue reading

විවාහ විය හැකි වයස් සීමාව පිලිබඳ ඉස්ලාමීය ස්ථාවරය

විවාහය යනු මිනිස් ජීවිතයේ එක්තරා සුවිශේෂ අවස්ථාවකි. ඉස්ලාම් තුළ පරිපූර්ණ ජීවන ක්‍රමයක් සඳහා මඟපෙන්වීම් තිබෙන නිසා විවාහය පිළිබඳවද ඉගැන්වීම්, නීති රීති ඉස්ලාම් දහමේ දැක ගත හැක. කෙසේනමුත් ඉස්ලාම් පවසන විවාහ නීති රීති වල ඇතැම් නීති රීති පිලිබඳව ඇතැමුන් විවේචනය කරන අතර කාන්තාවක් විවාහ විය හැකි අවම වයස් සීමාව පිළිබඳව ඉස්ලාම් …

Continue reading

අතවරයට ලක් වූ කාන්තාව තමාට සිදු වූ විපත සනාථ කිරීමට සාක්ෂි හතරක් ඉදිරිපත් කළ යුතුද?

ඉස්ලාම විවේචනය කරන ඇතැමුන් ඉස්ලාමීය දණ්ඩ නීතියට අනුව දූෂණය වූ කාන්තාවක් තමාට සිදු වූ විපත සනාථ කිරීමට සාක්ෂි හතරක් ඉදිරිපත් කළ යුතු බව ඉස්ලාමය පවසන බවත් මෙය අසාධාරණ කොන්දේසියක් බවත් චෝදනා කරති. මෙවන් නීතියක් ඉස්ලාම් දහමේ තිබෙනවාද? ඉස්ලාමීය නීති මූලාශ්‍ර නිවැරදි ලෙස අධ්‍යයනය කිරීමේදී මෙවන් කොන්දේසියක් ඉස්ලාමයේ නොමැති බව පැහැදිලිව වටහා …

Continue reading