සමාජ සංවාද පොත් පෙළ – ඉස්ලාම් පිලිබඳ වැරදිමත සඳහා පිළිතුරු

ඉස්ලාමයට එරෙහිව එල්ලවන ඇතැම් චෝදනා සඳහා විස්තරාත්මක පිළිතුරු ඇතුලත් පොත් පෙළ. මාංශ අනුභවය මුස්ලිම් ජනගහන වර්ධන භීතිකාව අසාමාන්‍ය මුස්ලිම් පල්ලි ව්‍යාප්තිය ආසියාතික බෞද්ධ රටවල් ඉස්ලාමීයකරණය අල් කාඉදා, අල් ජිහාද් මුස්ලිම් ත්‍රස්තවාදයේ යතාර්ථය අන්තවාදී ඉස්ලාමීය ඇඳුම් පැළඳුම් මෙම පොත් පෙළ සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ඉස්ලාමය අනුමත කරන බහු භාර්යා විවාහය පිළිබඳව

මනුෂ්‍ය වර්ගයා සත්ව ලෝකයේ බොහෝ සාමාජිකයින් මෙන් ස්ත්‍රී පුරුෂ යන දෙකොටසින් සංයුක්ත වනවා. තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සහතික කරන්නට නම් මෙම දෙපිරිසගේ සහභාගිත්වයෙන් ප්‍රජනන ක්‍රියාවලිය සිදුවිය යුතුයි. සත්ව ලෝකයේ අන් සාමාජිකයින් අතර නොමැති විශේෂිත සබඳතාවක් තුළින් මෙම ක්‍රියාවලිය ඉටු කිරීමට අනාදිමත් කාලයේ සිට මනුෂ්‍ය වර්ගයා හුරු වී සිටිනවා. මිනිසාටම ආවේණික වූ …

Continue reading

කාන්තා ඇඳුම පිළිබඳ විග්‍රහයක්

ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බවත් කාන්තාවන්ට අසාධාරණයක් සිදු කරන බවත් ඉස්ලාම් දහම විවේචනය කරන ඇතැම් නූතන විවේචකයන් පවසනවා. කෙසේනමුත් ඉස්ලාමය කාන්තාව සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න නිසි ආකාරව අබබෝධකර ගන්නවා නම් මෙවන් චෝදනාවලට කිසිඳු ඉඩක් නොමැති බව ඕනෑම කෙනෙකුට වටහා ගැනීමට පුළුවන්. මේ සඳහා මුලින්ම අල් කුර්ආනයේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමේ …

Continue reading

මරියම් තුමිය සමඟ කතා කළ සුර දූතයින්ගේ සංඛ්‍යාව?

අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය වෙවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර් ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්. මරියම් තුමිය සමඟ කතා කළ සුර දූතයින්ගේ සංඛ්‍යාව? ඉම්රාන්ගේ දුව වන මරියම් තුමිය ඇත්තෙන්ම …

Continue reading

ජිහාද් යනු කුමක්ද?

ඉස්ලාමය පිළිබඳව තිබෙන වැරදි වැටහීම් අතුරින් ජිහාද් පිලිබඳ වැරදි වැටහීම ප්‍රමුක ස්ථානයක් ගන්නවා. ඇතැම් උදවිය සිතන්නේ ජිහාද් යනු ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීමට කරන යුද්ධයක් බවයි. තවත් සමහරුන් සිතන්නේ ජිහාද් යනු මුස්ලිම් නොවන ජනයා මරා දැමීම සඳහා වූ යුද්ධයක් බවයි. ජිහාද් යනු ත්‍රස්තවාදයක් බවද ඇතැමුන් සිතනවා[1]. උදාහරණයක් ලෙස 9/11 දින ඇමරිකාවේ …

Continue reading

ඉස්ලාම් යනු කඩුවෙන් පතුරවන ලද දහමක්ද?

ජාත්‍යන්තරය තුල කලින් කලට ඉස්ලාමීය ලෝකයට එල්ල කරන ප්‍රබල චෝදනාවක් තමා “ඉස්ලාම් ත‍්‍රස්ථ ක‍්‍රියාවන් මඟින් ලොව පැතිරවු දහමක්” යන්න. මෙය මීට වසර කිහිපයකට පෙර වර්ථමාන බෙනඩික් පාප් වහන්සේ තුමා ප‍්‍රසිද්ධියේ කල ප‍්‍රකාශයත්, මීට වසර කිහිපයකට පෙර “ඉස්ලාම් දහම මුහම්මද් තුමා ලොව පුරා පැතිර වුයේ කඩුවෙනි” යන්න හුවාදක්වමින් මුහම්මද් තුමාව කාටූන් …

Continue reading

මූත්‍රා කිරීමෙන් පසු පිරිසිදු කර ගනිමු

මිනිසාගේ යහපත සඳහා විවිධ මගපෙන්වීම් ලබා දෙන ඉස්ලාම් දහම ඇතැම් අවස්තාවලදී සනීපාරක්ෂාව පිළිබඳවත් කරුණු ඉදිරිපත් කරනවා. මින් එක් ඉගැන්වීමක් වනුයේ මූත්‍රා කිරීමෙන් පසු මුත්‍ර අවයව පිරිසිදු කර ගැනීමයි. මේ සඳහා මූලික වශයෙන් වතුර භාවිතා කරන්න පුළුවන්. අනස් ඉබ්නු මාලික් මෙසේ පැවසුවේය: “අල්ලාහ්ගේ දූතයාණන් වැසිකිලි යන විට මා හා මා මෙන් …

Continue reading

ඔටුවන්ගේ මුත්‍රා හා වෙදකම

මුහම්මද් ﷺ තුමාගේ ඉගැන්වීම් ගැන කියවීමේදී ඇතැම් අවස්තාවලදී ඇතැම් වෙදකම් පිලිබඳ කරුණුද අපට දැක ගන්න පුළුවන්. කෙසේනමුත් මුහම්මද් ﷺ තුමා මූලිකගේ මෙහෙය වූයේ වෛද්‍ය විද්‍යාව මිනිසාට කියා දීම නොවේ. ඔහුගේ දේව මෙහයේ අරමුණ වූයේ ව්‍යාජ දේව වන්දනාවෙන් මිනිසා මුදවා ගෙන විශ්වයේ නිර්මාණකරු වූ එකම සත්‍ය දෙවියන් වන අල්ලාහ්ට පමණක් නැමදුම් කරන මෙන් මිනිසාට අරාධනා කිරීමයි. …

Continue reading

ඉස්ලාම් දහම නිකරුණේ සතුන් මරණ ලෙස පවසනවාද?

සතුන් යනු අල්ලාහ්ගේ තවත් නිර්මාණයක් වන අතර විවිධ ගණයේ සතුන් අපට දැක බලා ගන්න පුළුවන්. මේ සතුන් අතුරින් මිනිසාට ප්‍රයෝජන ගෙන දෙන සතුන් මෙන්ම මිනිස් ජීවිතයට බලපෑම් එල්ල කරන සතුන්ද සිටින බව සැබෑවක්. එනිසා මෙම විෂය පිළිබඳව මගපෙන්වීමක් ඉස්ලාම් දහම ලබා දී තිබෙනවා. සත්ව අයිතිවාසිකම ගැන විවිධ කොණ වලින් ඉස්ලාම් …

Continue reading

පිරිමියකුගේ සාක්ෂිය කාන්තාවන්ගේ සාක්ෂි දෙකකට සමානය යැයි පැවසීම සාධාරණද?

ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බවත් කාන්තාවන්ට අසාධාරණයක් සිදු කරන බවත් ඉස්ලාම් දහම විවේචනය කරන ඇතැම් නූතන විවේචකයන් පවසනවා. කෙසේනමුත් ඉස්ලාමය කාන්තාව සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න නිසි ආකාරව අබබෝධකර ගන්නවා නම් මෙවන් චෝදනාවලට කිසිඳු ඉඩක් නොමැති බව ඕනෑම කෙනෙකුට වටහා ගන්න පුළුවන්. මේ සඳහා මුලින්ම අල් කුර්ආනයේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමේ …

Continue reading