සෛලයේ DNA විකෘති නිවැරදි කරන යාන්ත්‍රණය විකෘතියකින් හටගත්තාද?

පරිණාමවාදීන් විශ්වාස කරන්නේ අද සිටින සියලුම ජීවින් එක් මුල් සෛලයක් පරිණාමය වීමෙන් බිහි වී ඇති බවයි. ජීවීන්ගේ ලක්ෂණ තීරණය වන්නේ DNA වල ඇති ජානමය තොරතුරු අනුවයි. එනිසා මුල් සෛලයකින් අද සිටින මිනිසා පරිණාමය වී තිබුනේ නම් ජානමය තොරතුරු වල වැඩි වීමක් සිදු වී ඇති බව අපට තීරණය කරන්න වෙනවා.

අද ප්‍රචලිත පරිණාමවාදය වන නූ-ඩාවින් වාදයට අනුව ජීවීන්ගේ පරිණාමය DNA විකෘති හා ස්වාභාවික වරණය තුළින් පැහැදිලි කෙරෙනු  ලැබෙනවා. DNA අනු ජීවියාගේ බාහිර ලක්ෂණ තීරණය කරන අතර විකෘති ඇති වීමෙන් නව ලක්ෂණ බිහිවිය හැකි බවත් පරිසර තත්වයන්ට මෙම නව ලක්ෂණ වාසිසහගත නම් මෙම නව ලක්ෂණ සහිත ජීවීන්ගේ පැවැත්ම ක්‍රමයෙන් තහවුරු බවත් නූ ඩාවින් වාදය පිලිගන්නන් පවසනවා. මෙහිදී සිදුවන ස්වභාවික වරණය අප ප්‍රතික්ෂේප කළ යුතු වන්නේ නැහැ. නමුත් DNA වල සිදු වන විකෘති තුළින් ජානමය තොරතුරු වැඩි වී නව ලක්ෂණ බිහි වනවාද යන්න අප ප්‍රශ්න කළ යුතු වෙනවා.

රසායනිකව සැලකීමේදී DNA කියන්නේ ඉතා ප්‍රතික්‍රියක අනුවක් එනිසා එය උපකල්පිත ප්‍රථමාරම්භක සූපයකින් බිහි වුණා යැයි පැවසීම අතිශයින්ම පිළිගත නොහැකි සංසිද්ධියක්.  දිනකට DNA අනුවේ ඇති ආක්ෂර රාශියක් වෙනස්වීම් වලට ලක් වෙනවා. උදාහරණයක් ලෙස “ඇල්කයිලීකරණය” නම් සංසිද්ධිය සලකන්න පුළුවන්. මෙහිදී DNA අනුවේ එක් අකුරකට කුඩා හයිඩ්රෝ කාබන් අනුවක් සම්බන්ධ වෙනවා. මෙනිසා DNA අනුවේ ද්විත්ව හෙලික්ස හැඩය වෙනස් වෙන අතර මෙම වෙනස DNA ගුණනය වීම හා DNA හි ජාන කියවීමේ යාන්ත්‍රණය වලක්වා දමනවා.

DNA අනුවේ වෙනස්වීම් ඇතිවීමෙන්(විකෘති ඇතිවීමෙන්) සිදුවන්නේ ජීවියාට හානියක් ඇතිවීමයි. එනිසා ජීවියාගේ පැවැත්ම තහවුරු වීමට නම් DNA විකෘති ඇති වීම සිදු නොවිය යුතු වෙනවා. මෙනිසාම DNA වල සිදු වන විකෘති හරි ගස්සා ගැනීමට විවිධ යාන්ත්‍රණ සෛලයේ තිබීම සුවිශේෂයි [1]. මේ සඳහා DNA වැරදි නිවැරදි කරන විශේෂ එන්සයිම(ප්‍රෝටීන) සෛලයේ පිහිටා තිබෙනවා. මෙම එන්සයිම DNA අනුව කියවා DNA අනුවේ වැරදි ඇති තැන් නිවැරදි කරනු ලබනවා.

figure 11-19

චිකාගෝ විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥයෙක් වන ජේම්ස් ෂපිරෝ මෙසේ සඳහන් කරනවා:

DNA අනුවේ විකෘති ඇති වීම සඳහා හේතු වන ආනුමානික හා අහඹු වෙනස් වීම නිවැරදි කිරීම සඳහා වූ  ප්‍රකෘති යාන්ත්‍රණ පෙළක්ම බැක්ටීරියාවන්ගේ සිට මිනිසා දක්වා ඇති ජීවීන් සියල්ල සතුව  තිබෙනවා . බහුවිධ මට්ටමේ හරිවැරදි බලන යාන්ත්‍රණ DNA ගුණනය වීමේදී අවිකල්පයෙන් ඇති වන දෝෂ හඳුනාගෙන නිවැරදි කරනවා. සම්ප්‍රදායික වශයෙන් පිළිගැනෙන පරිණාමවාදයෙහි පරිනාමීය වෙනස්කම් සඳහා මාධ්‍යක් වන අහම්බෙන් සිදුවන ජානමය වෙනස්කම් වලින් සෛල තමන්ව ආරක්ෂා කරගන්නවා. සෛල වල තිබෙන හරිවැරදි බලන හා වැරදි නිවැරදි කරන යාන්ත්‍රණය නිසා ජීවී සෛල අහම්බෙන් ඇතිවන රසායනික හා භෞතික බලයන්ගේ ගොදුරක් වන්නේ නැහැ. [2]

නිදසුනක් ලෙස Base Excision Repair නමැති වැරදි නිවැරදි කරන යාන්ත්‍රණය සලකන්න පුළුවන්. ග්ලයිකෝසයිලේසස් නමැති විශේෂ එන්සයිමය DNA අනුව හරහා ගමන් කරන අතර මෙහිදී හානියට පත්වූ DNA අකුර (A,C,T,G) සොයා එය ඉවත් කර දමන අතර අනෙකුත් එන්සයිම මෙම හිඩැස පුරවා දමනවා.

උතුරු ඇමෙරිකානු විද්‍යාඥයින්  AlkD නමැති වැරදි නිවැරදි කරන තවත් දක්ෂ ලෙස ක්‍රියාකරන එන්සයිමයක් බැක්ටීරියාවන්ගේ තිබෙන බව සොයාගෙන තිබෙනවා [3]. මෙම එන්සයිමයට ඇත්තේ වෙනස්ම ව්‍යුහයක්. හානියට පත්වීම තුළින් ඉතා අස්ථායි ධනාරෝපිත අක්ෂර(bases) හා එයට යුගල් වූ අක්ෂරද මාරු කිරීම මෙම එන්සයිමයෙන් සිදුවෙනවා. මෙම ක්‍රියාවලිය සිදුවන්නේ DNA අනුවේ හෙලික්සයේ ඇතුලේ සිට පිටත දිශාවටයි. මෙනිසා මෙම අක්ෂර(bases) වෙන්වන අතර පසුව හිඩැස පුරවනු ලබනවා. මෙම එන්සයිමයන්ගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීම රසායනික චිකිත්සාව සඳහා උපකාර වෙනවා.

මහා පරිණාමය සිදු වීමට විකෘති අවශ්‍ය බව පරිණාමවාදීන් පැවසුවද ජීවියාගේ පැවැත්ම ආරක්ෂා වීමට විකෘති ඇති විය නොයුතුයි. මෙනිසයි DNA විකෘති නිවැරදි කරන යාන්ත්‍රණයක් සෛලයේ පිහිටා තිබෙන්නේ. මෙම විකෘති නිවැරදි කරන ලක්ෂණය සෛලය හිමි කරගත්තේ කෙසේද? විකෘති නැවැරදි කරන යාන්ත්‍රනය DNA විකෘතියකින් බිහි වුණා යැයි පිළිගන්න පුලුවන්ද?

මෙහි තවත් වැදගත් කරුණක් වන්නේ DNA අනුවේ විකෘති නැවැරදි කරන යාන්ත්‍රණයට ,එනම් එන්සයිම නිෂ්පාදනයට, අදාළ තොරතුරු DNA අනුවේම තැන්පත් වී තිබීමයි. මෙම තොරතුරු DNA අනුවේ අඩංගු වී ඇත්තේ විකෘති ඇති වීමෙන්ද?මෙම සංසිද්ධිය පරිනාමවාදයේ තවත් විෂම චක්‍රයක් (vicious circle) පිළිබිඹු කරනවා. එනම් පරිණාමය සදහා DNA අනුව පැවතිය යුතු අතර DNA අනුවේ පැවැත්ම සඳහා DNA වැරදිනිවැරදි කරන එන්සයිම අවශ්‍ය වෙනවා, මෙම එන්සයිම පැවතීමට DNA අනුව අවශ්‍ය වෙනවා. එනම් මෙම යාන්ත්‍රණය ක්‍රමක් ක්‍රමයෙන් පරිනාමයකින් ඇති වුණා කියල පවසන්න බැහැ. මෙම ලක්ෂණය සෛලය හිමි කර ගත යුත්තේ එකම මොහොතකදීය. එනම් මෙම යාන්ත්‍රණය සහිත සෛලය යම් ඉහළ බුද්ධියක් විසින් නිර්මාණයක වූවක් ලෙස පිළිගැනීම තර්කානුකූලයි.

මූලාශ්‍රයන්

[1]Geoffrey M Cooper.DNA Repair, The Cell: A Molecular Approach. 2nd edition, 2000 (http://www.ncbi.nlm.nih.gov/books/NBK9900/)

[2] Shapiro, J.A., A Third Way, Boston Review, p. 2, February/March 1997

[3] Newly Discovered DNA Repair Mechanism, Science News, sciencedaily.com, 5 October  (http://www.sciencedaily.com/releases/2010/10/101004112156.htm)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *