ලෝක විනාශය අත ලඟද ?

මෑතකදී කතාබහට ලක් වුනු මාතෘකාවක් තමයි “ලෝක විනාශය ” මේ පිලිබඳ අන්තර්ජාලයේ, ඇතැම් පුවත්පත්වල නොයෙකුත් ලිපි පළ වුණා. විවිධ ආගම් මෙම ලෝක විනාශය ගැන දරන මතයන් පවා එම ලිපි වල දැකගන්න තිබුණා.

2012.12.21 වැනි දිනත් මේ ආකාරයක ලෝක විනාශයක් ඇතැම් පිරිස් බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් විද්‍යාඥයින් මෙලෙස සිදුවිය හැකි ලෝක විනාශය ගැන කියන්නේ වෙනත් කතාවක්

කිසිවක් නැති ශුන්‍ය තත්වයක සිට මහා පිපුරුමකින් (Big Bang) ඇති වූ මෙම විශ්වය ප්‍රසාරණය වන බව විද්‍යාඥයින්ගේ උපකාරයෙන් අද අප දන්නා කරුණක්. මේ ප්‍රසාරණය සිදු වෙන්නේ වැඩි වන ත්වරණයකින්. අල් කුරානය මෙය සරළව කියා දෙනවා.

අභ්‍යවාකාශය ශක්තියෙන් අප නිර්මාණය කළෙමු. නියත වශයෙන්ම අප (එය ) ප්‍රසාරණය කරන්නන් වෙමු. (අල් කුරාන් 51:47)

universeexpand

මෙලෙස පවතින විශ්වයේ අවසානය කොයි වගේද ?

විද්‍යාඥයින් පවසන්නේ මෙම විශ්වයේ ප්‍රසාරණය දිනක නවතින බවයි. එසැනින්ම මුළු විශ්වයම සංකෝචනයට ලක් වී නැවත එහි පරිමාව ශුන්‍ය වන බවත් ඔවුන් පවසනවා. (Big Crunch)

විශ්වයේ ඉරණම ගැන අල් කුරානය පවසන මේ විද්‍යාත්මක හෙළිදරව්ව අපට පැහැදිලිවම දැක ගන්න පුළුවන්.

ලියන ලද පිටු හකුලන්නා සේ අභ්‍යවකාශය හකුලන්නා දිනයේ, අපි පළමු නිර්මාණය ආරම්භ කලාක් මෙන් එය නැවතත් නිර්මාණය කරන්නෙමු. මෙය අපගේ පොරොන්දුවයි. අපි (එය) සිදුකරන්නන් වන්නෙමු. (අල් කුරාන් 21:104)

අල්ලාහ් පළමුව නිර්මාණය කළේය. නැවතත් ඔහු නිර්මාණය කරන්නේය. පසුව ඔබලාව ඔහු වෙත නැවත ගෙන එනු ලබන්නෝය (අල් කුරාන් 30:11,12)

කෙදිනක හෝ මේ ආකාරයෙන් විශ්වයේ පැවැත්ම අවසානයකට පැමිණෙන බව විද්‍යාඥයින් පැවසුවත් එය මෑතකදී සිදු නොවන බව ඔවුන් අනුමානය කරනවා. මේ විශ්වයේ, අප ජීවත් වන සෞරග්‍රහ මණ්ඩලයේ දැනට පවතින ස්ථාවරබව නිසා මෑතකදී සිදුවිය හැකි ලෝක විනාශයක් පිලිබඳ හැඟීමක් ඔවුන්ට ඇති වෙන්නේ නැහැ.

අල් කුරානය මේ පිළිබඳවත් ඉතා විශ්මිත අකාරයෙන් පවසනවා.

ඔබල වෙත එම වෙලාව ක්ෂණිකව පැමිණෙන තෙක් නැතහොත් (ප්‍රතික්ෂේපකරන්නන්ට ) ප්‍රයෝජනයක් නොමැති දින වේදනාව ඔවුන් වෙත පැමිණෙන තෙක් ප්‍රතික්ෂේප කරන්නන් මේ ගැන සකෙහිම සිටිනු ඇත. (අල් කුරාන් 22:55)

ඔවුන්ට නොහැඟෙන අවස්ථාවකදී ක්ෂණිකව එම වෙලාව ඔවුන් වෙත පැමිණීම හැර වෙන කිසිවක් ඔවුන් බලාපොරොත්තු වන්නේද ? (අල් කුරාන් 43:66)

අප බලාපොරොත්තු නොවන අවස්ථාවකදී ලෝක විනාශය ක්ෂණිකව ඇති වන බව කුරානය පවසනවා. විද්‍යාඥයින් ලෝක විනාශය මෑතකදී සිදු නොවන බව අනුමාන කිරීම ඉහත කුරාන් වැකියේ සත්‍යතාව ඔප්පු කරනවා.

ලෝක විනාශය ගැන විවිධ මාධ්‍ය වල විවිධ ලිපි පළවුනත්, විද්‍යාත්මකව නිවැරදි විස්තරයක් අල් කුරානය අපට ඉදිරිපත් කරනවා. මේවත් විස්තරයක් ලියන්නවත් කියවන්නවත් නොදත් මුහම්මද් (සල්) තුමා පවසන්නේ කෙසේද ? අවුරුදු 1400 ක් පමණ පරණ අල් කුරානයේ මෙවන් විස්තරයක් සඳහන්වී තිබෙන්නේ කෙසේද ?

විශ්වය නිර්මාණය කළ, විශ්වය ගැන සියලු කරුණු දන්නා විශ්වයේ නිර්මාපකයා විසින් මේ කරුණු මුහම්මද් (සල් ) තුමාට අනාවරණය කල බව වටහා ගැනීමට මෙය ප්‍රමාණවත් මදිද ???

සිතන්න. සත්‍ය සොයන්න. ජීවිතය යනු ඉතා කෙටි කාල පරිච්චේදයකි. ලෞකික ජීවිතය යනු මායාවකි.

සත්‍ය නිසැකවම අසත්‍ය විනාශ කර දමන්නේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *