අල් කුර්ආනයේ සඳහන් අකාශ වස්තූන්

අල් කුර්ආනයේ ස්වභාවික සංසිද්ධි පිළිබඳව සඳහන් වී ඇති අතර මෙම ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක යෙදීම විද්‍යාවේ කාර්යභාරයි. ඇතැම් විට අල් කුර්ආනය පවසන ස්වභාවික සංසිද්ධිය හොඳින් තේරුම් ගැනීමට විද්‍යාව උපකාරී වන අතර ඇතැම් විට විද්‍යාත්මක ගවේෂණ සඳහා අල් කුර්ආනය උපයෝගී කරගන්නත් පුළුවන්. ඇතැම් අවස්ථාවලදී අල් කුර්ආනය කරුණු ඉදිරිපත් කරන්නේ විවිධ කාල වල සිටින පුද්ගලයින්ට තේරුම් ගැනීමට පුළුවන් අකාරයෙනුයි. අල් කුර්ආනය හා විද්‍යාව අතර සම්බන්ධය පිලිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට අල් කුර්ආනය හා විද්‍යාව නම් ලිපිය කියවන්න. මීට අමතරව අල් කුර්ආනයේ ඉගැන්වීම් තේරුම් ගැනීමේ විද්වත් ක්‍රමවේදයත් අප දැන සිටිය යුතුයි.

අල් කුර්ආනයේ සඳහන් අකාශ වස්තූන්

අල් කුර්ආනයට අනුව මෙම විශ්වය සැකසී ඇත්තේ ස්තර හතක් වශයෙනුයි. අහසේ තාරකා පිහිටා ඇත්තේ පොලවට ආසන්නයේම තිබෙන ස්ථරයේ බව, එනම් පහළම ස්ථරයේ බව අල් කුර්ආනය පවසනවා. කාව්‍යමය අකාරයෙන් කරුණු ඉදිරිපත් කරන අල් කුර්ආනය මෙම තාරකා පහන් ලෙස ක්‍රියා කර අහස අලංකාරවත් කරන බව පවසනවා.

අපි පළමු අහස තරු නමැති අලංකාරයෙන් අලංකාර කර ඇත්තෙමු. [අල් කුර්ආනය 37 : 06]

අපි පළමු අහස පහන් වලින් අලංකාර කළෙමු. ඒවා ෂෛතාන් වරුන්ට දමා ගසන ද්‍රව්‍යයන් කළෙමු. ඔවුනට නිරයේ වේදනාව පිළියෙල කර ඇත්තෙමු. [අල් කුර්ආනය 67 : 05]

තරු ගැන සඳහන් කළ කුර්ආනය අප සියල්ලම දන්නා සූර්යයා පිළිබඳවත්, චන්ද්‍රයා පිළිබඳවත් මෙසේ සඳහන් කරනවා.

අල්ලාහ් අහස් සත ස්තර වශයෙන් නිර්මාණය කළේ කෙසේ දැයි නුඹලා නුදුටුවෙහු ද? “ඔහු ඒවාහි සඳ ආලෝකයක් කළේය. හිරු පහනක් කළේය.” [අල් කුර්ආනය 71 : 15,16]

මෙහිදී සූර්යයා හා සඳ පිහිටා තිබෙන්නේ කුමන ස්ථරයේද යන්න නිශ්චිතව සඳහන් වී නැහැ. කෙසේනමුත් අද තිබෙන විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුව සූර්යයා හා සඳ පිහිටා තිබෙන්නේද කුර්ආනය පවසන පළමු ස්ථරයේ බව අපට තීරණය කරන්න පුළුවන්.

පෘථිවියේ සිට චන්ද්‍රයාට තිබෙන දුර දල වශෙයන් කි.මී 384,400[1] ක් වන අතර පෘථිවියට ආසන්නයේම තිබෙන Proxima Centauri නම් තාරකාවට පෘථිවියේ සිට තිබෙන දුර දල වශයෙන් ආලෝක වර්ෂ 4.3 (කි. මී 40,682,300,000,000) ක් වෙනවා[2].

මෙම හේතුව නිසා සූර්යයා හා සඳ පිහිටා තිබෙන්නේද කුර්ආනය පවසන පළමු ස්ථරයේ බව අපට තීරණය කරන්න පුළුවන්.

අල් කුර්ආනය විවේචනය කරන ඇතැම් අය පවසන්නේ චන්ද්‍රයා තාරකාවන්ට වඩා දුරින් පිහිටන බව අල් කුර්ආනයේ 71 : 15,16 වැකි පවසන බවයි. නමුත් එවන් අර්ථයක් මෙම වැකියට නොමැති බව පැහැදිලියි. අල් කුර්ආනයේ සඳහන් ස්වභාවික සංසිද්ධි තේරුම් ගැනීමේ නිවැරදි ක්‍රමය දන්නවා නම් මෙවන් වැරදි චෝදනා වලට කිසිම ඉඩක් නොමැති බව ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.

ඒවගේම “…ඒවා(තරු) ෂෛතාන් වරුන්ට දමා ගසන ද්‍රව්‍යයන් කළෙමු” යන කුර්ආන් වැකිය තුළින් කියවෙන්නේ උල්කාපාත ගැන බවත් උල්කාපාත යනු සැබවින්ම තරු නොවන නිසා මෙම වැකියේ විද්‍යාත්මක දෝෂ තිබෙන බවත් ඇතැම් විවේචකයන් පවසනවා. කෙසේනමුත් මෙම වැකියේ උල්කාපාත ගැන කිසිඳු සඳහනක් නැති බව පැහැදිලිවම වටහා ගන්න පුළුවන්. “දමා ගසන ද්‍රව්‍යයන්” යනු උල්කාපාත යයි වැරදි ලෙස උපකල්පනය කිරීම මෙම වැරදි චෝදනාව ඉදිරිපත් කිරීමට හේතු වී තිබෙනවා. මෙම වැකියේ අදහස ෂෛතාන්වරුන් එළවා දැමිය හැකි යාන්ත්‍රණයකින් යුක්තව මෙම තරු නිර්මාණය වී ඇති බවයි. නූතන විද්‍යාවය අනුව තරු යනු ගමන් ගන්නා ද්‍රව්‍යයන්ය[3]. එනිසා මෙම ගමන්ගන්නා තරු උපයෝගී කරගෙන යම් අකාරයකින් ෂෛතාන්වරුන් එළවා දමනු ලබන බව අපට පිළිගත හැක. කෙසේනමුත් මෙහිදී සැබවින්ම සිදු වන්නේ කුමක්ද යන්න අපට පැවසිය නොහැක. මෙයට හේතුව ෂෛතාන්වරුන් යනු ඇසට නොපෙනෙන ජීවී කොටසක් වීමය. (ෂෛතාන්වරුන් යයි කොටසක් සිටිනවා යයි පිළිගන්නේ කෙසේද? යන්න වෙනත් මාතෘකාවකි)

මූලාශ්‍රයන්

[1] http://solarsystem.nasa.gov/planets/moon/facts

[2] http://www.skyandtelescope.com/astronomy-resources/far-closest-star/

[3] http://www.astronomycafe.net/qadir/q181.html

Leave a Reply

Your email address will not be published. Required fields are marked *