මුහම්මද් ﷺ තුමාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි යුදෙව්වෝ

මුහම්මද් ﷺ තුමා මෙලොව ඉපදීමට පෙරම මදීනා නගරයේ විවිධ යුදෙව් ගෝත්‍ර ජීවත් වූ බව ඉතිහාසය අපට කියා දෙනවා. මුස්ලිම් මෙන්ම යුදෙව් ඉතිහාසඥයෝ මේ පිළිබඳව සඳහන් කරනවා. ඇමරිකානු ඉතිහාසඥයෙකු මෙන්ම තම පරම්පරාවේ යුදෙව්වන් අතර ප්‍රචලිත ඉතිහාසඥයෙකු වන සාලෝ බාරොන් (Salo Baron) තමාගේ “යුදෙව්වන්ග්ගේ සමාජීය හා ආගමික ඉතිහාසය”(Social and Religious History of the Jews) නම් පොතේ මේ කරුණ මෙසේ පැහැදිලි කරනවා.

ක්‍රි.ව පළමු සියවස් පහක් පුරාවටම යුදෙව්වන්ගේ වාසස්ථාන හා බලපෑම් ප්‍රදේශය පුරාවට ක්‍රමයෙන් සීග්‍ර ලෙස වර්ධනය වුණා. යුදෙව්වන් හා යුදෙව් දහම පිලිබඳ වූ ඉස්ලාමයට පෙර තිබු අරාබි පොත්පත් වල ඇති මූලාශ්‍ර මෙම සිද්ධියට පැහැදිලි සාක්ෂියක් වෙනවා. හයවන සියවස වන විට යුදෙව් ගෝත්‍ර යත්රිබ් (මදීනාව) නගරය බලපවත්වාගෙන සිටි බව පැහැදිලියි [1].

දැන් ඉස්මතු වන ප්‍රශ්නය වන්නේ විවිධ යුදෙව් ගෝත්‍ර මදීනාවට සංක්‍රමණය වී ජීවත් වූ හේතුව කුමක්ද යන්නයි. යුදෙව්වන්ගේ උගත් පිරිස් අනාගත දේව පණිවුඩකරුවා පිළිබඳව තමන්ගේ ධර්ම ග්‍රන්ථයේ සඳහන් අනාවැකි පිළිබඳව හොඳින්ම දැන සිටීමයි. මෙම දේව පණිවුඩකරුවා මදීනා නගරයට අවසානයේදී පැමිණෙන බව මෙම අනාවැකි වලින් වටහා ගත් දෙව්වෝ තමුන්ගේ අනාගත දේව පණිවුඩකරුවා එන තුරු උනන්දුවෙන් මදීනාවේ තම ජීවිතය ගත කළා. මදීනාවේ ජීවත් වූ යුදෙව්වන් හා මදීනාවේ ජීවත් වූ අරාබිවරුන් අතර ආරවුලක් ඇති වූ අවස්ථාවලදී එකළ යුදෙව්වෝ එකල සිටි මිතදෘෂ්ටික අරාබිවරුන්ට  “අපගේ දේවපණිවුඩ කරුවා පැමිණි විට අපි ඔබව වනසා දමනවා” යැයි  සරදම් කළ බවද ඉස්ලාමීය ඉතිහාසය අපට කියා දෙනවා [2]

මදීනාවේ යුදෙව් නායකයෙකුව සිටි බෙන් ශලෝම් මුහම්මද් තුමා පැමිණි විට ඔහුව සැබෑ දේව පණිවුඩකරුවෙකු ලෙස පිළිගත්තා. මීට අමතරව බොහෝ යුදෙව්වන් මෙන්ම කිතුනුවන් තමන්ගේ ධර්ම ග්‍රන්ථයේ අනාවැකි වල විස්තර වී තිබෙන මුහම්මද් (ශාන්තිය ඔහුට හිමි වේවා) තුමාව සැබෑ දේව පණිවුඩ කරුවෙකු ලෙස පිළිගෙන ඉස්ලාම් දහම වැළඳගෙන තිබෙනවා[3]. කිතුනු පූජකවරයෙකුව සිට පසුව ඉස්ලාම් දහම වැළඳ ගත් ගරු ඩේවිඩ් බෙන්ජමින් කෙල්දානි(Reverend David Benjamin Keldani) “බයිබලයේ සඳහන් මුහම්මද්” නම් පොතේ මෙසේ සඳහන් කරනවා:

දෙවිගේ සැබෑ ඒකීයත්වය විශ්වාස කරන තුරු හා දෙවි තුන්දෙනෙකු තුළ සිටිනවා (යැයි පැවසෙන ත්‍රිත්වය) යන විශ්වාසය අහක දමන තුරු ඔවුන් ඇත්ත වශයෙන්ම අවිශ්වාසවන්තයන් බව මා කිතුනුවන්ට මතක්කර දිය යුතුයි. පරණ ගිවිසුම හා කුර්ආනය ත්‍රිත්වය නමැති සංකල්පයට දොස් පවසනවා. නව ගිවිසුම මෙම සංකල්පය පිලිගන්නේවත් එය ආරක්ෂා කරන්නේ වත් නැහැ, එහි ත්‍රිත්වය පිලිබඳ යම් ඉඟියක් හෝ සලකුණක් හෝ තිබුණත් එයට කිසිම අධිකාරත්වයක් නැහැ. එයට හේතුව එය(නව ගිවිසුම) ක්‍රිස්තූන් විසින් දකින ලද්දක් හෝ ලියන ලද්දක් හෝ නොවීමයි. ඒ වගේම එය ක්‍රිස්තූන්ගේ භාෂාවෙන්ද ලියවී නැහැ, තවද එය(නව ගිවිසුම) අද තිබෙන අකාරයෙන්, අද තිබෙන අන්තර්ගතයන් සහිතව එකළ මුල් පිටපත් තිබුණේද නැහැ, අඩුම වශයෙන් ක්රිස්තූන්ගෙන් පසු සියවස් දෙකෙදීද එය (නව ගිවිසුම) මුල් පිටපත් වල තිබූ අකාරයෙන්ම පැවතුනේ නැහැ.  (“I must remind the Christians that unless they believe in the absolute unity of God, and renounce the belief in the three persons, they are certainly unbelievers in the true God … The Old Testament and the Qur’an condemn the doctrine of three persons in God; the New Testament does not expressly hold or defend it, but even if it contains hints and traces concerning the Trinity, it is no authority at all, because it was neither seen nor written by Christ himself, nor in the language he spoke, nor did it exist in its present form and contents for – at least – the first two centuries after him.”) [4]

මුහම්මද් ﷺ තුමාව අවසාන දේව පණිවුඩකරුවකු ලෙස පිළිගෙන ඔහුව අනුගමනය කිරීමට පටන් ගත් කිතුනු උගතුන් අදත් අපට දැකගන්න පුළුවන්. මොවුන් පිලිබඳව අල් කුර්ආනය මෙසේ පවසනවා:

අපි කවුරුන්  කෙරෙහි 2වේදකය පිරිනැමුවෙමුද (යුදෙව්වන් හා කිතුනුවන්), ඔවුහු තමන්ගේ දරුවන්ව හඳුනාගන්නා සේ (8නබිවරයා වන) ඔහුව හඳුනාගන්නෝය. නියතව ඔවුන්ගෙන් පිරිසක් දැනගෙනම  සත්‍යය සඟවති. [අල් කුර්ආනය 2:146]

ඉස්රායීල්ගේ දරුවන්ගෙන් සිටින උගතුන් මෙය ගැන දැන සිටීම ඔවුනට සාක්ෂියක් ලෙස නැත්තේද? [අල් කුර්ආනය 26:197]

මූලාශ්‍රයන්

[1] Salo Baron, Social and Religious History of the Jews. Chapter XVI The Pre-Islamic World. Selections.

[2] Maxime Rodinson, Mohammed, (Pelican, London, 1973), p.143, quoting the Sira of Ibn Hisham.

[3] Former Christian Priests and Missionaries who have Embraced Islam,(http://www.missionislam.com/comprel/former.htm)

[4] David Benjamin Keldani, Muhammad in World Scriptures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *