දෙවිඳුන් සිටිනවා යැයි සනාථ කරන වාස්තවික සදාචාරය

මෙම විශ්වය නිර්මාණය කළ ඉහළ බුද්ධියක්/ විඤ්ඤාණයක් තිබෙනවා යැයි තීරණය කිරීමට විවිධ හේතු තිබෙනවා. එවන් ඉහල බුද්ධියක් හෝ විඤ්ඤාණයක් නැහැ යැයි පැවසීමටද විවිධ හේතු විවිධ පුද්ගලයින් ඉදිරිපත් කර තිබෙන නමුත් මෙම හේතු සියල්ල පරිශීලනය කිරීමේදී මෙම විශ්වය නිර්මාණය කළ ඉහළ බුද්ධියක් සිටිනවා යැයි තීරණය කිරීමට උපකාර වන හේතු, මෙම විශ්වය නිර්මාණය කළ ඉහළ බුද්ධියක් නැහැ යැයි පැවසීමට ඉදිරිපත් වී ඇති හේතු වලට වඩා ප්‍රබල බව මෙම විෂය දෙස බුද්ධිමත්ව බලන කෙනෙකුට වටහා ගත හැකිය.

මෙම ලිපිය තුළින් ඉදිරිපත් වන්නේ මෙම විශ්වයේ සියලු ධර්මතා පරිපාලනය කරන්න වූ ඉහළ බුද්ධියක් හෝ විඤ්ඤාණයක් තිබෙනවා යැයි සනාථ කරන වාස්තවික සදාචාරය පිලිබඳවය.

සදාචාරයක් ගැන කතාකළ හැක්කේ බුද්ධියක් තිබෙන නොඑසේනම් විඤ්ඤාණයක් තිබෙන යමකට පමණයි. එනම් බුද්ධියකින් තොරව සදාචාරයක් නිර්වචනය කළ නොහැකිය. යහපත් දේ කුමක්ද, අයහපත් දේ කුමක්ද යැයි යන්නද පැවසිය නොහැකිය. උදාහරණයක් ලෙස මිනිසාව සැලකිය හැකිය. මිනිසාට බුද්ධියක් තිබේ. එබැවින් මිනිසාට යහපත් දේ කුමක්ද අයහපත් දේ කුමක්ද යැයි තීරණය කිරීමේ යම්හැ හැකියාවක් තිබේ. කෙසේනමුත් මිනිසා නිර්ණය කරන මෙම සදාචාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්‍ෂ බව කෙනෙකුට තීරණය කළ හැකිය. එනම් කෙනෙක් යහපත් යැයි සලකන දෙයක් තව කෙනෙක් අයහපත් යැයි සලකන්න පුළුවන්. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂ නොවන වාස්තවික(objective) සදාචාරයක් තිබිය යුතු බව අපට හැඟෙන කරුණකි. නමුත් වාස්තවික(objective) සදාචාරයක් තිබිය යුතු නම් එම වාස්තවික(objective) සදාචාරය නිර්ණය කළ වාස්තවික(objective) විඤ්ඤාණයක්ද තිබිය යුතුයි. මුළු ලෝකයටම පොදු සදාචාර පද්ධතියක් නිර්ණය කළ හැක්කේ මෙවන් වාස්තවික(objective) විඤ්ඤාණයක් තිබෙන්නේ නම් පමණයි. මේ කරුණු සියල්ල පහත දැක්වෙන පරිදි කෙටියෙන් පවසන්න පුළුවන්.

  1. සදාචාරයක් නිර්ණය කළ හැක්කේ විඤ්ඤාණයකට පමණයි.
  2. වාස්තවික(objective) සදාචාරයක් සඳහා වාස්තවික(objective) විඤ්ඤාණයක් අවශ්‍යයි

මෙහිදී කෙනෙක් වාස්තවික(objective) සදාචාරයක් යැයි දෙයක් නොමැත යන මතයේ සිටින්නත් පුළුවන්. එවන් කෙනෙකුට කිසිම අවස්ථාවකදී තව කෙනෙකුගේ ක්‍රියාවක් සදාචාරසම්පන්නද නැද්ද යැයි වාස්තවික තීරණයක් ලබා දෙන්න බැහැ. මෙහිදී සදාචාරය පිලිබඳ ඔහුගේ තීරණය සැම විටම සාපේක්ෂ බව පැහැදිලි කරුණක්. ඒ වගේම කෙනෙක්, වාස්තවික(objective) සදාචාරයක් තිබෙන නමුත් ඒ සඳහා වාස්තවික(objective) විඤ්ඤාණයක් අවශ්‍ය නොවන බව පවසන්න පුළුවන්. නමුත් මෙම ස්ථාවරය නිවැරදි නොවේ. මෙයට හේතුව

සදාචාරයක් නිර්ණය කිරීමට විඤ්ඤාණයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය නිසා වාස්තවික(objective) සදාචාරයක් සඳහා වාස්තවික(objective) විඤ්ඤාණයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වීමය.

ඉහතින් සාකච්චා වී ඇත්තේ වාස්තවික(objective) සදාචාරයක් සඳහා වාස්තවික(objective) විඤ්ඤාණයක අවශ්‍යතාවයයි. මෙතුළින් සැබවින්ම වාස්තවික(objective) විඤ්ඤාණයක් තිබෙන බව අපට පහත කරුණු ඔස්සේ තීරණය කළ හැකිය .

  1. වාස්තවික(objective) විඤ්ඤාණයක් නොමැති නම් වාස්තවික(objective) සදාචාරයක් නොමැත
  2. අයහපත, දුක යනාදී මෙලොව පවතී
  3. එබැවින් වාස්තවික(objective) සදාචාරයක් පවතී (දෙවන ප්‍රත්‍යාස්තූපයෙන්)
  4. එබැවින් වාස්තවික(objective) විඤ්ඤාණයක් පවතී

දෙවිඳුන් යනු වාස්තවික(objective) සදාචාරය නිර්ණය කරන වාස්තවික(objective) විඤ්ඤාණය වේ. එනම් දෙවිඳුන් සිටින බව මෙම කරුණු තුළින් සනාථ වේ. වාස්තවික(objective) සදාචාරය පිළිබඳව බොහෝ දේවවේදීන් හා අදේවවාදීන් සාකච්ඡා කර ඇත. මින් බොහෝ දෙන තීරණය කර ඇත්තේ දෙවිඳුන් නොමැති නම් වාස්තවික(objective) සදාචාරයක් නොමැති බවය. මානවවාදී දාර්ශනිකයෙකු වන පෝල් කොර්ට්ස් මේ පිලිබඳව මේ අයුරින් පවසයි:

ආචාර ධර්මී හා සදාචාරී මුලධර්ම පිළිබඳ කේන්ද්‍රීය ප්‍රශ්නය මෙම සත්තාවේදී පදනම (Ontological Foundation) කෙරෙහි අවධානයක් දක්වයි. ඒවා දෙවිඳුන්ගෙන් හෝ යම් අනුභුතී මුලයකින් ව්‍යුත්පන්න නොවේ නම් මෙම සංකල්පයන් හුදෙක් අල්ප කාලික ද? [1]

පෝල් කොර්ට්ස් නිවැරදිය. හේතුව මිනිසාගේ සාපේක්ෂතාවය අභිභවා යන එකම සංකල්පික නිර්ණායකය වන්නේ දෙවිඳුන් ය. එබැවින් දෙවිඳුන් නොමැති නම් වාස්තවික(objective) සදාචාරය සඳහා කිසිඳු හේතුවාදී පදනම් නොමැත. දෙවිඳුන් නොමැති නම් විකල්ප ලෙස සංකල්පික නිර්ණායක දෙකක් යෝජනා කළ හැකිය.

  1. සමාජීය බලපෑම
  2. පරිණාමය

කෙසේනමුත් සමාජීය බලපෑම හා පරිණාමය යන සාධක දෙකම වාස්තවික(objective) සදාචාරයක් සඳහා පදනමක් ලබා දෙන්නේ නැත. මෙම සාධක දෙකම යෝජනා කරන්නේ සදාචාරය සමාජීය හා ජීවවිද්‍යාත්මක වශයෙන් අනිශ්චිත ලෙස වෙනස් වන බවය.  එනම් මෙහිදී සදාචාරය කාලයෙන් කාලයට මෙන්ම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. යම් කාලයක හෝ ප්‍රදේශයක සදාචාර නොවන කරුණක් තවත් කාලයක හෝ ප්‍රදේශයක සදාචාරාත්මක බව සලකනු ලැබේ. උදාහරණයක් ලෙස ලංකාව තුළ අඩ නිරුවත් ඇඳුම පිලිබඳ බහුතර ජනයාගේ මතය වන්නේ එය සදාචාරාත්මක නොවන බවය. නමුත් මෙම ඇඳුම බටහිර රටවල මෙම ඇඳුම් සදාචාරාත්මක නොවන ඇඳුම් නොවේ. එබැවින් දෙවිඳුන් නොමැතිව වාස්තවික(objective) සදාචාරයක් සඳහා පදනමක් නොමැත. සංකල්පයක් වශයෙන් දෙවිඳුන් යනු සාපේක්ෂ පදනමක් නොවන නිසාත් දෙවිඳුන් මිනිසාගේ ිසපෙක්ෂතාවයන්සා අභිබවා යන නිසාත් සදාචාරය සඳහා දෙවිඳුන් පදනම් කර ගැනීම තුළින් සදාචාරය වාස්තවික වේ. මේ බව රිචර්ඩ් ටේලර් නම් ප්‍රවීන සදාචාරවේදියා මෙසේ පවසා ඇත:

ආගමකට කිසිඳු අකාරයකින් සම්බන්ධ නොකර සදාචාරාත්මක වශයෙන් නිවැරදි වැරදි හා සදාචාරාත්මක යුතුකම පිලිබඳ සතුටින් දේශනා කරන සදාචාරය පිලිබඳ සමකාලීන ලේඛකයින් ඇත්ත වශයෙන්ම බුද්ධිමය වියන වියන්නේ හිස් අවකාශයේය. එනම් ඔවුන් කතා කරන්නේ අර්ථයකින් තොරවය. [2]

එබැවින් වාස්තවික ලෙස මෙලොව පවතින  අයහපත, දුක යන  කරුණු ඇත්තවශයෙන්ම සනාථ කරනුයේ දෙවිඳුන් සිටින බවය.

මූලාශ්‍රයන්

[1] Paul Kurtz. Forbidden Fruit. Prometheus. 1988, p 65.

[2] Richard Taylor. Ethics, Faith, and Reason. Prentice Hall. 1985, p. 83–84.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *