දිවියේ අරමුණ?

purpose

ඔබ අවදිවන විට ඔබ කවදාවත් නොදැක්ක විශාල කර්මාන්ත ශාලාවක අවදිවුනා යැයි මදකට සිතන්න. දහස් ගණනක් මිනිසුන් එම කර්මාන්ත ශාලාවේ වැඩ කරන බව ඔබට දැක ගන්න පුළුවන් වේවි. මෙම කර්මාන්ත ශාලාවේ දොරජනෙල් සියල්ල වසා පිටත නොපෙනෙන අයුරින් අගුළු දමා තිබෙනවා.

මෙම කර්මාන්ත ශාලාව තුල මිනිසුන් වැඩ කරාවි, නිදාගනීවී, මේ අකාරයෙන් මෙම කර්මාන්ත ශාලාව තුලම තම කාලය ගත කරාවි.

මෙවන් අවස්ථාවකදී ඔබට කුමක් සිහියට ඒවිද?

“මම මෙම කර්මාන්ත ශාලාවේ මෙම මොහොතේ සිටින්නෙමි, අන් අය සමඟ එක් වී මාද වැඩ කළ යුතුය” යැයි ඔබට සිතෙන්න පුළුවන්.

නොඑසේනම්, ඔබට මෙසේ සිතේවිද ?

“මම මෙම ස්ථානයට ආවේ කෙසේද ? මෙම කර්මාන්තශාලාවට පිටතින් ඇත්තේ කුමක්ද ? මම මෙම කර්මාන්තශාලාවේ සිටින්නේ කුමන අරමුණක් සඳහාද ?, මාගේ තේරීමක් නොමැතිවම මා මෙම ස්ථානයේ අවදි වූයේ ඇයි ?”

මෙම ප්‍රශ්න මිහිපිට සිටින අපගේ බිහිවීම සම්බන්ධව ඇති ප්‍රශ්නවලට සමානයි. මිනිසා වන අපි කිසිම තේරීමක් හෝ විකල්පයක් නොමැති අකාරයෙන් මෙම පෘථිවිය මත බිහිවී තිබෙනවා. “අප ආවේ කොහේ සිටද? මම මෙම ලෝකයේ කරන්නේ කුමක්ද? මරණයෙන් පසු මා යන්නේ කොහාටද?” යනාදී ප්‍රශ්න රාශියක් ඔබගේ මනසේ දැනටමත් හටගෙන තිබෙන්න පුළුවන්.

ලෞකික ලෝකයේ මායාවන් වලට මින්නිසුන් නොදැනුවත්ව හෝ දැනුවත්ව වහල් වී සිටින නිසා මිනිසුන් මෙවන් ප්‍රශ්න දිහා අවධානය යොමු කරන්නේ නැහැ. මෙවන් මූලික ප්‍රශ්න නොසලකාහරින්න මිනිසා පුරුදු වී සිටිනවා. නමුත් මෙම ප්‍රශ්නවලින් මිදී යෑමට මිනිසාට පුළුවන්කමකුත් නැහැ.

අල් කුරානය මේ පිළිබඳව වැදගත් ඉඟියක් ලබා දෙනවා

අහස් සහ පොලොව නිර්මාණයකිරීමෙහිද රැය දවාල මාරුවීමෙහිද නුවණැතියන්ට (බොහෝ) සංඥාවන් ඇත. මෙවැන්නන් නැගිට සිටින විටද වාඩිවී සිටින විටද නිදා සිටින විටද අල්ලහ්වම සිතා අහස්ද භූමියද නිර්මාණය ගැන මෙනෙහි කරමින් “ අපගේ හිමියෙනි! ඔබ මේවා නිකරුනේ අරමුණක් නොමැතිව නිර්මාණය කලේ නැත…..” [ අල් කුරානය: සූරා අල් ඉම්රාන්(3): 190-191 ]

මෙහි අරමුණ යැයි සඳහන් වචනයේ ඉතා ගැඹුරු අදහසක් තිබෙනවා. ඉතින් දැන් අපි ඇසිය යුතු ප්‍රශ්නය “කුමක්ද අපගේ අරමුණ?” යන්නයි. මෙහිදී අරමුණ යැයි අදහස් වන්නේ ලෞකික අරමුණක් ගැන නොව මෙලොව ඉපදී මරණය තෙක් ජීවත් වීමේ අරමුණ ගැනයි.

ඉස්ලාම් දහම මෙම අරමුණ කරුණු දෙකක් පදනම් කරගනිමින් පැහැදිලි කරනවා.

  1. මෙම විශ්වය නිර්මාණය කළ මැවුම්කරුවෙකු සිටිනවා යැයි පිළිගැනීම තාර්කික, බුද්ධිමත් තීරණයක් වීම.
  2. අල් කුරානය මෙම මැවුම්කරු විසින් මිනිස‍ට හිමිවී ඇති පුස්තකයක් බව පිළිගැනීමට සාධාරණ හේතු තිබීම.

යන කාරණා දෙක පදනම් කර ගනිමින් ජීවිතයේ අරමුණ කුමක්ද යන්න ඉස්ලාම් දහම පවසනවා.

මෙම වෙබ් අඩවියේ මැවුම්වාදය නමැති අංශයේ මෙම විශ්වය නිර්මාණය කළ නිර්මාපකයෙකු සිටිනවා යන යතාර්ථය හේතු සහිතව පැහැදිලි කර තිබෙනවා. මීට අමතරව “විශ්මිත කුරානය” යන අංශයෙන්ද මැවුම්කරුවෙකු සිටිනවා යන්න ප්‍රබල හේතු සහිතවම විස්තර කර තිබෙනවා.

“ජීවිතයේ අරමුණ කුමක්ද?” යන මූලික ප්‍රශ්නය සඳහා පිළිතුරුද එම අරමුණ පැහැදිලි කරන ඉස්ලාම් දහම සත්‍ය දහමක් වන්නේ කුමන හේතුව නිසාද යන පැහැදිලි කිරීම් “ඇරයුම” යන අංශයේ සඳහන් වී තිබෙනවා.

ලෞකික මායාවන්ගෙන් ඉවත්වී අධ්‍යාත්මිකව වැදගත් කරුණු දිහා අවධානය යොමු කරන්න ඔබ සූදානම්ද? එසේ නම් “අරමුණ” වෙබ් අඩවිය ඔබට ප්‍රයෝජනවත් වනු නිසැකයි.

Comments are closed