අල්-කුරානයේ සඳහන් සාගර විද්‍යාව!

අල් කුර්ආනයේ ස්වභාවික සංසිද්ධි පිළිබඳව සඳහන් වී ඇති අතර මෙම ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක යෙදීම විද්‍යාවේ කාර්යභාරයි. ඇතැම් විට අල් කුර්ආනය පවසන ස්වභාවික සංසිද්ධිය හොඳින් තේරුම් ගැනීමට විද්‍යාව උපකාරී වන අතර ඇතැම් විට විද්‍යාත්මක ගවේෂණ සඳහා අල් කුර්ආනය උපයෝගී කරගන්නත් පුළුවන්. ඇතැම් අවස්ථාවලදී අල් කුර්ආනය කරුණු ඉදිරිපත් කරන්නේ විවිධ කාල වල සිටින පුද්ගලයින්ට තේරුම් ගැනීමට පුළුවන් අකාරයෙනුයි. අල් කුර්ආනය හා විද්‍යාව අතර සම්බන්ධය පිලිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට අල් කුර්ආනය හා විද්‍යාව නම් ලිපිය කියවන්න. මීට අමතරව අල් කුර්ආනයේ ඉගැන්වීම් තේරුම් ගැනීමේ විද්වත් ක්‍රමවේදයත් අප දැන සිටිය යුතුයි.

අල්-කුරානයේ සඳහන් සාගර විද්‍යාව!

northatlanticseaසාගරය කියන වචනය ඔබ වටහාගෙන තිබෙන්නේ කුමන ආකාරයටද ? පෘතුවිය පුරා පැතිර ගොස් ඇති ලුණු ජලය සහිත එක සාගරයක් ලෙසද ? නැතිනම් විවිධ ලක්ෂණ වලින් සමන්විත සාගර කිහිපයක එකතුවක් ලෙසද ?

පෘථිවි ගෝලයේ ගොඩබිම් ප්‍රදේශයට අමතරව විහිදී ඇති ලුණු ජලය ඇත ප්‍රදේශය සඳහා සාගරය කියන තනි වචනය සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා වුනත් නුතන විද්‍යාව පවසන්නේ පෘථිවි ගෝලයේ ලක්ෂණ වලින් වෙනස්වූ සාගර කිහිපයක්ම තියෙන බවයි. සාගර ගැන අධ්‍යයනය කල නුතන විද්‍යාඥයින් පරීක්ෂණ රාශියකට පසු තවත් එක සුවිශේෂ කරුණක් අපට පවසනවා. ඔවුන් පවසන්නේ විවිධ ලක්ෂණ වලින් සමන්විත සාගර දෙකක් එකිනෙක මුණගැහෙන ස්ථානයේ පියවි ඇසට නොපෙනෙන බාධකයක් එම සාගර දෙක අතර පවතින බවයි. එම බාදකය නිසා එක සාගරයක් අනෙක් සාගර සමග මිශ්‍ර නොවන බවත් ඔවුන් පවසනවා.

සවිස්තරාත්මකව මේ පිලිබඳ පැහැදිලි කරනවා නම් මෙම බාධකය නිසා ඉන් එක පැත්තක ඇති සාගරයට අදාළ උණුසුම, ලවනත්වය, ඝනත්වය යනාදිය බාදකයට අනෙක් පැත්තේ ඇති සාගරයෙන් වෙනස්ව පවතිනවා. තවත් අකාරයකින් කියනවා නම් මෙම බාධකය නිසා එයට දෙපසින් පවතින සාගරවල උණුසුම, ලවනත්වය, ඝනත්වය යනාදිය දෙවිදියකින් පවතිනවා. [1]

sea

නිදසුනක් ලෙස මධ්‍යධරණී මුහුදු ජලය හා අත්ලාන්තික් සාගර ජලය එකිනෙක මුණගැසෙන ස්ථානය අධ්‍යයනය කරන්න පුළුවන් [2]. මෙහිදී මධ්‍යධරණී සාගරයේ ජලය අත්ලාන්තික් සාගරයේ ජලයට සාපේක්ෂව වැඩි උණුසුමෙනුත්, අධික ලවනත්වයෙනුත්, අඩු ඝනත්වයෙනුත් යුක්තබව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. මධ්‍යධරණී සාගරය ජිබ්රෝල්ටා සමුද්‍ර සන්ධියේදී අත්ලාන්තික් සාගරයට වැටෙනවා. එහිදී මධ්‍යධරණී සාගර ජලය මීටර 1000ක් යටින් කිලෝමීටර සියගණනක් දුරට අත්ලාන්තික් සාගර පතුලේ විහිදී පවතිනවා. මේ ආකාරයෙන් පැවතුනත් එක් සාගරයක ජලයේ උණුසුම, ලවනත්වය , ඝනත්වය යනාදිය අනෙක් සාගරය සමඟ මිශ්‍ර නොවී නොවෙනස්ව ආරක්ෂා වෙලා තිබෙනවා. මෙයට උපකාර වෙන්නේ මෙම සාගර දෙක අතර ඇති බාධකයයි.

මෙම බාධකය ගැන හොඳින් වටහා ගැනීමට එහි ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කරන්න පුළුවන්.

function

මෙම බාධකය ඔස්සේ එක සාගරයක ජල අනු අනෙක් සාගරයට මොනම ආකාරයෙන්වත් නොයනවා ඇති ” කියල කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් ඇත්තෙන්ම බාධකය ඔස්සේ එක් සාගරයක ජල අනු අනෙක් සාගරයට ගමන් කරනවා. එසේ ගමන් කලත් සාගර දෙක අතර ඇති බාදකය තරණය කරනවාත් සමඟම එම ජල අනුව එය පිවිසුණු සාගරයේ ලක්ෂණ හිමි කරගන්නවා. මෙය තමයි සාගර දෙක අතර ඇති බාධකයේ සරල ක්‍රියාකාරිත්වය.

දැන් බලන්න අද වගේ විද්‍යාත්මක දියුණුවක් නොමැති අවුරුදු 1400ක් පමණ පැරණි අල්-කුරානයේ ඉහත සාකච්චා කල විද්‍යාත්මක සංසිද්ධිය මොනතරම් පැහැදිලිව හා සරලව සඳහන් වෙලා තියෙනවද කියල.

“සාගර දෙකක් එකිනෙක මුණ ගැසෙන පරිදි ඔහු (අල්ලාහ්) සලස්වා ඇත. එම (සාගර) දෙක අතර එක් බාධකයක් තිබෙන්නේය. එකක් අනෙක ඉක්මවා නොයන්නේය. “(අල්-කුරානය 55:19,20)

මෙම වැකියේ බාධකයක් ලෙස පරිවර්තනය කල ස්ථානයේ බර්ස(z)ක් යන අරාබි පදය භාවිතා වී තියෙනවා. ඇසට නොපෙනෙන බාධකයක් යන අර්ථයෙන් මෙම වචනය අරාබි භාෂාවේ භාවිතා වීම අපට දැක ගන්න පුළුවන්.

මෙම විෂමජනක කුරාන් වැකිය දිහා බලන ඉස්ලාමය විවේචනය කරන සමහර විවේචකයන් “අල්-කුරානයේ 55:19,20 යන වැකි වල සඳහන් වෙන්නේ සාගර දෙකක් නොව සාගරයක් හා ගංගාවක් ගැනයි ” යයි පවසනවා. මෙසේ පැවසීමට අරාබි භාෂාවේ ඇති ඇතැම් රීතින්ද ඔවුන් භාවිතා කිරීමට උත්සහ කරනවා. නමුත් මෙම කුරාන් වැකියේ (55:19,20) සඳහන් වෙන්නේ සාගර දෙකක් යන්න මෙම වැකියට පසුව පැමිණෙන වැකි වලින් ඉතා පැහැදිලිවම නිරූපණය වෙනවා.

සාගර දෙකක් එකිනෙක මුණ ගැසෙන පරිදි ඔහු (අල්ලාහ්) සලස්වා ඇත. එම (සාගර) දෙක අතර එක් බාධකයක් තිබෙන්නේය. එකක් අනෙක ඉක්මවා නොයන්නේය. (අල්-කුරානය 55:19,20)
නුඹගේ දේවිගේ වරප්‍රසාදයන්ගෙන් කවර දෙයෙක් බොරු යයි සලකන්නේහුද ? (අල්-කුරාන් 55:21)
ඒ (සාගර) දෙකෙන්ම මුතු හා කොරල් ඉකුත් වන්නේය (අල්-කුරාන් 55:22) (අල්-කුරාන් 55:21)

coralsOLYMPUS DIGITAL CAMERAcorals3

ඉහත ඇති (55:22) වැකියෙන් එක් කරුණක් සැලකිල්ලට ගමු. මෙම වැකිය දිහා බලන කෙනෙකුට කුරාන් 55:19,20 වැකිවල සාකච්චා වුනු සාගර දෙකෙන්ම කොරල් ඉකුත් වන බව වටහා ගන්න පුළුවන්. ඒ කියන්නේ විවේචකයන්ගේ තර්කය වැරදි බව ඔප්පුවෙනවා. එයට හේතුව කොරල් අයත් වෙන්නේ සත්ව රාජධානියේ ඇන්තසෝවා (Anthozoa) කියන පන්තියටයි. මෙම පන්තියට දැනට විශේෂ 6200ක් අඩංගු කර තිබෙනවා. මෙම පන්තියේ එක විශේෂ ලක්ෂණයක් වන්නේ මේ අඩංගු කර ඇති විශේෂ සාගරවල පමණක් සිටීමයි. වෙනත් ආකාරයකින් කියනවානම් ඇන්තසෝවා (Anthozoa) කියන්න සාගර විශේෂයන් (marine species)[3]. කොරල් කියන්නේ පිරිසිදු ජලයට ඉතා සංවේදී දෙයක්. පිරිසිදු ජලයේ ඒ කියන්නේ ගංගාවේ මේවා හට ගන්නේ නැහැ. කොරල් හට ගැනීමටනම් ඒ අවට ජලයේ ප්‍රමාණවත් ලවනත්වයක් අවශ්‍යයි. ඒ නිසා 55:19,20 යන වැකිය සාකච්චා කරන්නේ සාගර දෙකක් ගැන බව ඉතා පැහැදිලියි. (දැන් විවේචකයන් පිළිතුරු දිය යුත්තේ 55:19,20 හි සඳහන් විද්‍යාත්මක හෙළිදරව්වට පමණක් නොවෙයි. කොරල් ගැන 55:22 කියැවුණු විද්‍යාත්මක සත්‍ය ගැනත් ඔවුන් පිළිතුරු දිය යුතුයි)

මුලාශ්‍රයන්

[1] Principles of Oceanography, Davis, pp 92-93
[2] Marine Geology, Kuenen, P 43
[3] Biology 5th Edition, Raven Johnson

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *