මුහම්මද් ﷺ තුමාට සිදුකරන අපහාස සඳහා පිළිතුරු

මුහම්මද් ﷺ තුමා යනු ඉස්ලාම් දහම මිනිසුන්ට දේශනා කිරීම සඳහා අල්ලාහ් විසින් තෝරාගන්නා ලද අවසාන දේව පණිවුඩකරුවායි. මොහු දේව පණිවුඩකරුවෙකු යැයි පිළිගැනීමට මොහුට අනාවරණය වූ දේව පණිවුඩය වන අල් කුර්ආනය සාක්ෂියක් වෙනවා. ඒ වගේම මොහුගේ ජීවිතය ගැන සුපරික්ෂාකාරීව බැලීමේදී මොහු සතු අති උතුම් ගුණාංග පිළිබඳව අපට දන ගන්න පුළුවන්. මේ සඳහා සිංහල භාෂාවෙන් පරිවර්තනය වී තිබෙන “නබි නායාක මහා පුරුශෝත්තමයානෝ” නම් පොත කෙනෙකුට කියවන්න පුළුවන්. මීට අමතරව ඔහු ගැන ලියැවු “ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සමාජ ආධ්‍යාත්මික විප්ලවයේ නායකයාණන්ව හඳුනා ගනිමු” යන ලිපියද කියවන්න පුළුවන්.

කෙසේනමුත් මුහම්මද් ﷺ තුමා ගැන අපට ලැබී ඇති තොරතුරු ප්‍රමාණය අති විශාලයි. උදාහරණයක් ලෙස ඔහුගේ හිසේ තිබුණු සුදු කෙස්වල සංඛ්‍යාව ගැන පවා තොරතුරු මූලාශ්‍ර වල සඳහන් වී තිබෙනවා. මොහු පිළිබඳව මූලික වශයෙන් තොරතුරු හදීස් (ඔහුගේ ඉගැන්වීම්) ග්‍රන්ථ වල සඳහන් වනවා. කෙසේනමුත් මෙම ග්‍රන්ථ වලින් කරුණු ලබා ගන්නා විද්වත් ක්‍රමවේදය අප දැන සිටිය යුතුයි. ඒ වගේම ඔහු පිලිබඳ විශාල තොරතුරු ප්‍රමාණයක් තිබෙන නිසා එක් කරුණක් පමණක් හුදකලා කර ඔහු පිළිබඳව විවිධ විවේචනයන් ඉදිරිපත් කරන්න, ඔහුට අපහාස කරන්න ඇතැම් නූතන විවෙචයකින් පුරුදුවී සිටිනවා. නමුත් මුහම්මද් ﷺ තුමාගේ චරිතය පූර්ණ වශයෙන් සැලකීමේදී මෙවන් විවේචනයන්ට කිසිම ඉඩක් නැති බව අපට තේරුම් ගන්න පුළුවන්.

මුහම්මද් ﷺ තුමා පිලිබඳ අද කාළයේ උදවිය නගන චෝදනා අතුරින් මූලිකම චෝදනව එල්ල වන්නේ වන්නේ ඔහු සිදු කළ බහුවිවාහයටයි. එනම් මුහම්මද් ﷺ තුමාණන්ට අධික කාමාශාවක් තිබුණ නිසා ඔහු බහු විවාහ සිදු කළා යැයි නවීන විවේචකයන් පවසනවා. මෙහිදී එක් වැදගත් කරුණක් වන්නේ මුහම්මද් ﷺ තුමා සිදු කළ මෙම බහුවිවාහය පිලිබඳ ඔහුගේ කාළයේ හෝ  ඊට පසු කාළයේ කිසිවෙක් විවේචනය නොකර තිබීමයි. ඒ වගේම මෙම චෝදනාව සම්බන්ධයෙන් පොදුවේ සදහන් කලයුතු කාරණයක් තිබෙනවා. එනම්, මුහම්මද් ﷺ තුමාණන් වක්තෘවරයෙකු බවට පත්වන්නේ වයස අවුරැදු 40 දීයි. එතෙක් පැවතී එතුමාගේ දිවිය ආපසු හැරී බැලීමක් සිදුකලේ නම්, එහි කිලිටි වූ ඉතිහාසයක් එතමාණන්ට නැහැ. එය මත්පැන් හා දුරාචාර රජකල යුගයක්. මුහම්මද් ﷺ තුමාණන් එම සමාජයේ ඉහලම කුලයකට උරැමකම් කියු කෙනෙක්ව ජීවත් වුණා. සියළු සැප සම්පත් උපරිමයෙන් භුක්ති විදින්නට හැකියාවද  තිබුණා. අන්තපුරයන් පවා අවශ්‍ය නම් පවත්වාගෙන යාමට සියළු අවස්ථාවන් මෙන්ම හැකියාවන් ද තිබුණා. එතුමාගේ වක්තෘභාවයට පෙර කලත් පසුකලත් මිනිස් සමාජයට ආදර්ශමත් ලෙස ඔහු ජීවත් වුණා. එසේ නම් ඉහතින් චෝදනා කරන්නා සේ “අධික කාමාශාවකින් පෙළුනා“ යැයි පැවසීමට ඇති සාධක තිබෙනවාද? එතුමා තම ජීවිතයේ සිදුකල එක් එක් විවාහයන් විමසා බලනවා නම් මෙම චෝදනාවට කිසිඳු පදනම් නොමැති බව අපට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. එසේනම් ඔහු බහු විවාහයන් සිදු කළේ කුමන හේතුවක් හෝ හේතූන් නිසාද? මේ බව තේරුම් ගැනීමට “මුහම්මද් ﷺ තුමාට  බහුභාර්යා විවාහ සිදු කළේ කුමක් නිසාද?” නම් ලිපිය කියවන්න.

ඉහත ලිපියේ ඉදිරිපත් කර ඇති මූලික කරුණු සැලකිල්ලට ගනිමින් ඔහු සිදු කළ විවාහයන් එකින් එක දැන් අප සාකච්ඡා කරමු. මේ විවාහයන් සිදු කළේ  අධික කාමශාවක් නිසා යැයි පැවසීම නිවැරදි නොවීමට අදාළ හේතූන්ද පහත ලිපි වල සාකච්චා වෙනවා. ඒ වගේම ඔහු සිදු කළ ඇතැම් විවාහයන් පිළිබඳව විවෙචයන් එල්ල කරන විශේෂ කරුණු වලට පිළිතුරුද මෙම ලිපි වල සඳහන්.

  1. මුහම්මද් ﷺ තුමා හා කතීජා (රලි) තුමිය අතර සිදු විවාහය
  2. මුහම්මද් ﷺ තුමා හා ආයිෂා (රලි) තුමිය අතර සිදු විවාහය
  3. මුහම්මද් ﷺ තුමා හා සව්දා (රලි) තුමිය අතර සිදු විවාහය
  4. මුහම්මද් ﷺ තුමා හා හෆ්සා (රලි) තුමිය අතර සිදු විවාහය
  5. මුහම්මද් ﷺ තුමා හා ජුවෛරියා (රලි) තුමිය අතර සිදු විවාහය
  6. මුහම්මද් ﷺ තුමා හා සෆිය්යා (රලි) තුමිය අතර සිදු විවාහය
  7. මුහම්මද් ﷺ තුමා හා මරියා (රලි) තුමිය අතර සිදු විවාහය
  8. මුහම්මද් ﷺ තුමා හා සෙයිනබ් බින්තු කුසෙයිමා (රලි) තුමිය අතර සිදු විවාහය
  9. මුහම්මද් ﷺ තුමා හා සෙයිනබ් බින්කු ජහ්ෂ් (රලි) තුමිය අතර සිදු විවාහය
  10. මුහම්මද් ﷺ තුමා හා උම්මු සලමා (රලි) තුමිය අතර සිදු විවාහය
  11. මුහම්මද් ﷺ තුමා හා උම්මු හබීබා (රලි) තුමිය අතර සිදු විවාහය
  12. මුහම්මද් ﷺ තුමා හා සෆියා බින්තු හුයෙයි (රලි) තුමිය අතර සිදු විවාහය
  13. මුහම්මද් ﷺ තුමා හා මයිමුනා (රලි) තුමිය අතර සිදු විවාහය

Comments are closed