පෘතුවිය පැතලියි යැයි කුරානය පවසනවාද?

අල් කුර්ආනයේ ස්වභාවික සංසිද්ධි පිළිබඳව සඳහන් වී ඇති අතර මෙම ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක යෙදීම විද්‍යාවේ කාර්යභාරයි. ඇතැම් විට අල් කුර්ආනය පවසන ස්වභාවික සංසිද්ධිය හොඳින් තේරුම් ගැනීමට විද්‍යාව උපකාරී වන අතර ඇතැම් විට විද්‍යාත්මක ගවේෂණ සඳහා අල් කුර්ආනය උපයෝගී කරගන්නත් පුළුවන්. ඇතැම් අවස්ථාවලදී අල් කුර්ආනය කරුණු ඉදිරිපත් කරන්නේ විවිධ කාල වල සිටින පුද්ගලයින්ට තේරුම් ගැනීමට පුළුවන් අකාරයෙනුයි. අල් කුර්ආනය හා විද්‍යාව අතර සම්බන්ධය පිලිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමටඅල් කුර්ආනය හා විද්‍යාව නම් ලිපිය කියවන්න. මීට අමතරව අල් කුර්ආනයේ ඉගැන්වීම් තේරුම් ගැනීමේ විද්වත් ක්‍රමවේදයත් අප දැන සිටිය යුතුයි.

පෘතුවිය පැතලියි යැයි කුරානය පවසනවාද?

පෘතුවිය පැතලි එකක් බව කුරානය පවසන බව ඇතැම් විවේචකයන් ප්‍රකාශ කරනවා. මෙලෙස මොවුන් ප්‍රකාශ කරන්නේ කුරාන් වැකි දිහා සැලකිල්ලෙන් නොබලන නිසයි.

කුරානය සම්පූර්ණයෙන්ම ඔබ කියවා තිබෙනවා නම් පෘතුවිය පැතලියි යැයි කුරානයේ කිසිම තැනක සඳහන් නැති බව ඔබට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.

පැතලියි යන වචනය අරාබි භාෂාවෙන් ලියනවා නම් “මුසත්තාහ් مسطح” යැයි ලිවිය යුතුයි. මෙම වචනයෙන් සැදුනු ක්‍රියා පදය වනුයේ “සතහා سطح” යන්නයි. සතහා යන පදයට “පැතලි කරනු ලැබුවා” යන අදහස තිබෙනවා. කෙසේනමුත් මෙම නාම, ක්‍රියා යන පද දෙකම කුරානයේ කිසිම ස්ථානයක සඳහන් වෙන්නේ නැහැ

එසේනම් විවේචකයන්ගේ විවේචනයේ පදනම කුමක්ද ? මීට හේතුව ඔවුන් අරාබි භාෂාව පිළිබඳව නොදැනීම නොඑසේ නම් ඇතැම් කුරාන් වැකි වැරදි විදිහට තේරුම් ගැනීමයි.

පෘථිවිය පිළිබඳව අල්ලාහ් තම අල් කුරානයේ මෙසේ සඳහන් කරනවා.

And the earth We have spread it out (والارض مددناها), and set thereon mountains standing firm, and have produced therein every kind of lovely pairs. [Quran 50:7]

තවද, අපි පෘථිවිය විහිදුවා හැරියෙමු. තවද ඒ මත කඳු ශක්තිමත් ලෙස ස්ථාපිත කෙරුවෙමු. තවද එහි (පෘතුවියෙහි) සෑම වර්ගයකම මනහර ජෝඩුද(ගස්, සත්වයන්) නිර්මාණය කළෙමු. [අල් කුරාන් 50:7]

මෙම වැකියට අනුව පෘථිවිය විහිදුවා හැර ඇති බව අපට වටහා ගන්න පුළුවන්. මෙම විහිදීම යන පදය එක් එක් දේවල් වලට අනුව වෙනස් වෙනවා.

“ආලෝකය විහිදුවා හරිනවා, ශබ්දය විහිදුවා හරිනවා ” යැයි පැවසීමේදී ආලෝකය පැතලියි හෝ ශබ්දය පැතලියි යැයි බුද්ධිමත් කවුරුවත් තර්ක කරන්නේ නැහැ. ඒ අනුව බලන විට පෘථිවිය විහිදුවා හැර තිබෙනවා යන ප්‍රකාශයේ අර්ථය කුමක්ද?

මේ පිළිබඳව විද්‍යාව අපට පවසන කරුණු දිහා අවධානය යොමු කරමු.

අපගේ සෞරග්‍රහ මණ්ඩලය අවුරුදු බිලියන 4.57 ක් පරණයි. ආරභයේදී, එනම් මීට අවුරුදු බිලියන 4.57 කට පෙර පෘථිවිය, සූර්යයා ඇතුළු අනෙකුත් ග්‍රහයන්ගේ ප්‍රමාණය සංගාමි වශයෙන්(සමාන්තර ආකාරයට) වැඩි වී තිබෙනවා. නමුත් මෙම ප්‍රමාණය වැඩි වීමේදී පෘතුවියේ අරය එක පාරටම කිලෝ මීටර 6400ක් බවට පත් වුනේ නැහැ. කිලෝ මීටර කිහිපයකින් පටන් අරගෙන ක්‍රමක් ක්‍රමයෙන් වැඩි වෙමින් මෙම අගයට (කිලෝ මීටර 6400 කට) පැමිණ තිබෙනවා. පෘථිවියේ අරය පෘතුවියේ පෘෂ්ටයේ වර්ගපලයට ඍජුවම සම්බන්ධ බව භෞතික විද්‍යාව හදාරන අය දන්නවා. එනම් ගෝලයක අරය(r) වැඩිවීමේදී එම ගෝලයේ පෘෂ්ටික වර්ගපලයත් වැඩිවෙනවා.

එනම් භෞතික විද්‍යාවට අනුව,
පෘෂ්ටික වර්ගපලය = 4π X r X r (මෙහි r යනු අරයයි)
(surface area = 4πR2)

මෙම විද්‍යාත්මක කරුණු දිහා ඔබ අවධානය යොමු කරනවා නම් පෘථිවියේ පෘෂ්ටය විහිදීමකට ලක් වූවාට පසුව අද ඇති තත්වයට පැමිණ තිබෙන බව ඔබට දැන් පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.

expandingearth

පෘථිවිය විහිදුවා හැරියෙමු [අල් කුරාන් 50:7] යැයි කුරානයේ සඳහන් ප්‍රකාශයේ විද්‍යාත්මක පැහැදිලි කිරීම මෙයයි.

පෘථිවිය පැතලියි යන මතය කුරානය පිළිගන්නේ නැහැ කියල අපි කලින්ම සඳහන් කළා. මෙය තහවුරු කරන තවත් කරුණක් දිහා අවධානය යොමු කරමු.

පෘතුවියේ හැඩය සම්බන්ධයෙන් කරන්න පුළුවන් සරලතම පරීක්ෂණය වනුයේ මුහුදේ ගමන් කරන නැවක් දිහා වෙරළේ සිට නිරීක්ෂණය කිරීමයි. කුඩා පන්ති වල ළමුන්ට පෘතුවියේ හැඩය ගැන කියා දෙන අවස්ථාවලත් මෙම පැහැදිලි කිරීම යොදා ගන්න ගුරුවරු පුරුදු වෙලා සිටිනවා.

වෙරළට පැමිණෙන නැවක් වෙරළේ සිට බලන විට මුලින්ම අපට දැක ගන්න පුළුවන් වනුයේ නැවේ කුඹගසයි, පසුව ක්‍රම ක්‍රමයෙන් නැවේ අනෙකුත් කොටස් අපට බලා ගන්න පුළුවන්. මේ ආකාරයෙන්ම නැවක් ගොඩබිම සිට මුහුදට යන විට නවේ කොටස් ක්‍රමක් ක්‍රමයෙන් නොපෙනී ගොස්, අවසාන වශයෙන් කුඹගස අපට දැක ගන්න පුළුවන්. පසුව එයත් නොපෙනී යනවා. පෘතුවියේ හැඩය පැතලි එකක් නොව ගෝලාකාර එකක් යැයි තීරණය කිරීමට මෙම පරීක්ෂණය උදව් වෙනවා. මෙම පරීක්ෂණයේ මූලික වශයෙන් නියැලුනේ ග්‍රීකවරුන්. ග්‍රීකවරුන්ගේ මෙම පරීක්ෂණය අල් කුරානය පිලිගන්නවා.

අහස්වල හා පොළොවේ නිර්මාණහිද දිවා රාත්‍රී මාරුවීමෙහිද මිනිසාට ප්‍රයෝජනවත් අකාරයෙන් මුහුදේ ගමන් කරන නැව්වලද….. බුද්ධිමත් ජනයාට සාක්ෂි තිබෙන්නේය. [අල් කුරානය 2:164]

පෘතුවියේ හැඩය සම්බන්ධව කුරානය තව කරුණු කිහිපයක්ම පවසනවා. ඒවා පිලිබඳ කරුණු ඉදිරි ලිපි වල සඳහන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *